මත්පැන් නිෂ්පාදනය සඳහා එතනෝල් ආනයනය නතර කරයි! දේශීය කර්මාන්ත ආරක්ෂා කරන තීන්දුවක්!

January 1, 2020 at 5:08 pm | by emanisa.lk

මත්පැන් නිෂ්පාදනය සඳහා භාවිත කරන එතනෝල් ආනයනය කිරීම අද (01) සිට වහාම ක්‍රියාත්මක පරිදි තහනම් කිරීමට රජයේ තීන්දු කර තිබේ.

දේශීයව එතනෝල් බහුලව නිෂ්පාදනය කරන බැවින් ඒවාට අදාළ කර්මාන්තය ආරක්ෂා කිරීම සඳහා මෙම තීරණය ගත් බව මුදල් අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

මුදල්, ආර්ථික, හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ කළ නියෝගයක් මත ගෙන ඇති මෙම තීරණය අද (1) සිට ක්‍රියාත්මකය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස