ඉන්දීය අගමැති ශ්‍රී ලංකා අගමැති ආදර්ශයට ගනී! ඉන්දියාව සංවර්ධිත දේශයක් කිරීමට දින 100 සැලැස්මක්!

April 16, 2019 at 7:02 am | by admin

2047 දී ඉන්දියාව සංවර්ධිත රටක් බවට පත්කිරීම සඳහා දින 100ක සංවර්ධන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තීරණය කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය මහ මැතිවරණය මේ වන විට ආරම්භ වී ඇති අතර 2019 වසරේ ලෝක් සභාවේ ප්‍රඵිපල මැයි 23වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

එමගින් සංවර්ධන මෙහෙයුම හරහා විරැකියාවට විසඳුම් ලබා දීමට සහ දළ දේශීය නිෂ්පාදනය 2.5%කින් වර්ධනය කර ගැනීමට අපේක්ෂිතය.

මහ මැතිවරණයෙන් තමන් ජය ගනු ඇති බවත් එම ජයග්‍රහණය ඔස්සේ රටේ ජනතාවට සංර්ධිත දේශයක් නිර්මාණය කිරීමට හැකි වනු ඇති බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන්  කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස