ආනයනික අර්තාපල්, බඩ ඉරිඟු බදු ඉහළට! දේශීය ගොවියා රකින තීන්දුවක්!

February 2, 2019 at 2:12 pm | by admin

ආනයනික අර්තාපල් හා බඩ ඉරිගු සඳහා බදු ඉහළ නැංවීමට රජය කටයුතු කර තිබේ. උතුරේ සහ සෙසු පළාත්වල අර්තාපල් ගොවියා සිය අස්වනු නෙළන සමයේ  ආනයනික අර්තාපල් සඳහා මෙම බදු ඉහළ නැංවීම සිදු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් විසින. ඒ අනුව අර්තාපල් කිලෝවක් සඳහා බදු මුදල රුපියල් 20 සිට රුපියල් 50 දක්වා ඉහළ දමා තිබේ.

එසේම ආනයනිත බඩඉරිඟු කිලෝවක් සඳහා බදු රුපියල් 10කින් වැඩි කර ඇත. යල කන්නයේ අස්වනු නෙළීම සමග දේශීය ගොවියාගේ නිෂ්පාදන සඳහා හොඳ මිලක් ලබා දීමේ අරමුණින් මෙම තීන්දුව ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස