රටත් සමග මිල්කෝ යළි පිබිදෙයි! ජනවාරියේ ඉතිහාසගත යෝගට් අලෙවියක්!

February 1, 2020 at 9:57 am | by emanisa.lk

ඉතිහාසයේ ඉහළම හයිලන්ඩ් යෝගට් අලෙවිය ජනවාරි මාසයේ වාර්තා කළ බව මිල්කෝ ආයතනයේ සභාපති ලසන්ත වික්‍රමසිංහ පවසයි.

එසේම මාස ගණනක් පමා වූ කිරි ගොවීන්ගේ ගෙවීම් ද මේ වන විට නියමිත ආකාරයට සිදුකරන බව සභාපතිවරයා පෙන්වා දෙයි.

වෙළඳපොළේ හයිලන්ඩ් කිරිපිටි හිඟයක් පවතින්නේ පසුගිය ආණ්ඩුව දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා කටයුතු නොකිරීමත් පිටි නිෂ්පාදනය එතරම් ලාභදායි නොවන බවට දැරූ මතවාදයන්ය.

මෙම කිරිපිටි හිඟය ද නොබෝ කාලයකින් යථා තත්ත්වයට පත්කරන බවත් විවිධ කණ්ඩායම් පතුරුවා හරින කටකතාවලට නොරැවටෙන ලෙසත් ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස