කරුංකා ගම්මිරිස් ඇතුළු සුළු අපනයන භෝග ආනයනය තහනම්!

December 6, 2019 at 5:53 pm | by emanisa.lk

මෙරට නිෂ්පාදනය කරන සුළු අපනයන භෝග එනම් ගම්මිරිස්, කරුංකා, සියඹලා, කුරුඳු, සාදික්කා, කදරමුංගු සහ කරාබි නැටි ආනයනය තහනම් කර තිබේ.

මෙමගින් එම භෝග ඍජු ප්‍රති-අපනයනය සහ සුළු සැකසුම් මගින් ප්‍රති-අපනයනය නතර වනු ඇති අතර දේශීය වගාකරුවන් දිරිමත් වනු ඇත.

වෙනත් රටවල තත්ත්වයෙන් බාල නිෂ්පාදන මෙරටට ගෙන්වා ලංකා ලේබලය යටතේ ප්‍රති-අපනයනය කිරීම ලංකා නිෂ්පාදන සඳහා විදෙස් වෙළෙඳපොළ ඉල්ලුම පහත වැටුණු අතර එය දේශීය ගොවීන්ට දැඩි ලෙස බලපෑවේය.

එහෙයින් සුළු අපනයන භෝග ආනයනය නතර කරන ලෙස සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ආණ්ඩුවෙන් බොහෝ කාලයක සිට ඉල්ලීම් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස