කොරෝනා නසන්න ඇවිගන් ඖෂධය ලංකාවට!

March 30, 2020 at 7:26 am | by emanisa.lk

කොරෝනා  වෛරසය ආසාදය වූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා ජපානය නිර්දේශ ‘ඇවිගන්’ නමැති ඖෂධය ආනයනය කිරීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව තීරණය කර ඇත. ඒ සඳහා වූ ගිවිසුම්ද ජපන් රජය සමග මේ වන විට අත්සන් කර ඇත.

ඒ අනුව ඇවිගන් පෙති 5000ක් පළමු අදියරේදී ආනයනය කරන අතර එම තොගය මෙම අඟහරුවාදා වන විට එම ඖෂධ මෙරටට ළඟාවනු ඇත.

කෙසේ වුවද මෙය වෙනත් බැක්ටීරියා රෝග සඳහා නිපද වූ ඖෂධයක් බවත් එමගින් කොරෝනා සුවවීමේ හැකියාව 100%ක් තහවුරු කර නොමැති බවත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.

කොරෝනා රෝගයෙන් ගැළවීමට ඇති හොඳම මාර්ගය එය වැළඳීම වළක්වා ගැනීම බව වෛද්‍යවරයා අවධාරණය කළේය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස