දේශීය ආයෝජකයෙක් රෝහල් ICU ඇඳන් හදයි! අතහිත ඇමති විමල්ගෙන්! අධීක්ෂණය මහාචාර්ය සිරිබද්ධන!

March 28, 2020 at 5:55 pm | by emanisa.lk

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තියත් සමග මෙරට සෞඛ්‍ය පද්ධතියට අත්‍යවශ්‍ය වී ඇති දැඩි සත්කාර ඒකක ඇඳන් නිෂ්පාදනය සඳහා නව ඉංජිනේරුමය තාක්ෂණ උපකරණ නිපදවීමේ ප්‍රමුඛතම සමාගමක් වන මීගමුව රෙක්ස් මැෂිනරීස් පුද්ගලික ආයතනය ඉදිරිපත්ව සිටියි..

මෙම කටයුත්ත කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශගේ ඉල්ලීම හා උපදෙස් මත අරඹා ඇති අතර මූලික අධීක්ෂණ කටයුතු රජරට විශ්ව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය සිසිර සිරිබද්ධන සිදු කරනු ලබයි..

කොරෝනා වෛරස ව්‍යාපෘතියට සාර්ථකව මුහුණ දීම සඳහා මෙරට සෞඛ්‍ය පද්ධතිය සතුව තිබෙන දැඩි සත්කාර ඒකක ඇඳන් ප්‍රමාණය වැඩි කර ගැනීමේ අභියෝගයට සාර්ථකව මුහුණ දීම සඳහා මෙම පියවර ගත් බව අමාත්‍ය විමල් වීරවංශ පවසයි..

මෙම කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා මීගමුව දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂතුමා ඇතුළු ජීව වෛද්‍ය ඉංජිනේරු කාර්ය මණ්ඩලයේ සහයෝගය ද ලැබී ඇති බවත් ඔවුන්ගේ අධීක්ෂණය සහිතව රෙක්ස් මැෂිනරීස් පුද්ගලික ආයතනයේ යාන්ත්‍රික ඉංජිනේරුවන් කෙටි කලක් තුළ තම ඉලක්කය සපුරාලීමට කටයුතු කරනු ඇති බවත් අමාත්‍ය උපදේශක සුදේශ් නන්දසිරි සඳහන් කරයි..

මාධ්‍ය ඒකකය
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යංශය
2020.03.28

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස