ආර්ථිකයට යළි පණ දෙන්න ශ්‍රීලංකන් සූදානම්! ගමනාන්ත 27කට භාණ්ඩ ප්‍රවාහනය අරඹයි!

May 6, 2020 at 7:20 am | by emanisa.lk

ගෝලීය භාණ්ඩ ප්‍රවාහනය බරපතළ අනතුරකට පත් වී ඇති මොහොතක  ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයට නව පණක් ලබා දීමේ අරමුණින් මෙරට අපනයන කර්මාන්තය නගා සිටුවීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතියකට ලොව පුරා ගමනාන්ත 27ක් වෙත සිය ගුවන් භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් දියත් කිරීමට තීරණය කර තිබේ.

එළඹෙන මැයි 18 දින සිට දියත් කෙරෙන මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ අපනයන භාණ්ඩ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා මගින් යුරෝපයේ ලන්ඩන්, ෆ්‍රෑන්ක්පර්ට්, චීනයේ බෙයිජිං, ෂැංහයි, ග්වැන්ෂෝ, කැන්ටන්, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්, සිංගප්පූරුව, ඈත පෙරදිග ජපානයේ ටෝකියෝ, නරීටා, මැදපෙරදිග දෝහා, ඩුබායි, දකුණු ආසියාවේ මාලදිවයින මාලේ, බංග්ලාදේශයේ ඩකා වැනි ගමනාන්ත කරා රැගෙන යාමට නියමිතය.

මේ සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය A – 320 සහ A 330 එයා බස් වර්ගයේ නවතම ගුවන් යානා යෙදවීමට අපේක්ෂා කෙරේ.

මෙම කටයුතු පහසු කිරීම සඳහා විවිධ අමුද්‍රව්‍ය , අවදානම් භාණ්ඩ, හුවමාරු භාණ්ඩ, තැපැල්, සජීවී භාණ්ඩ ඇතුළු වෙනත් වටිනා ගුවන්  භාණ්ඩ හැසිරවිය හැකි සහ ගබඩා කළ හැකි නවතම ගබඩා සංකීර්ණයක් ද කටුනායක ගුවන් තොටුපළ තුළ පිහිටා තිබේ.

මෙම ගුවන්  භාණ්ඩ ප්‍රවාහනය නිසා දේශීය අපනයනකරුවන්ට ඔවුන්ගේ නිෂ්පාදන නව සහ පවත්නා වෙළෙඳ පළ වෙත අඛණ්ඩව ඉදිරිපත් කිරීමට හැකි වන අතර අපනයන භාණ්ඩ නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීම ද කඩිනමින් සිදු කර ගැනීමට මග පැදී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස