රාජිත මංගලගේ චීන සිගරට් යෝජනාවට අංචි අදින්නේ සල්ලි පලහිළව්වක් නිසාලු!

June 22, 2019 at 5:59 pm | by emanisa.lk

මංගල සමරවිර සහ රාජිත සේනාරත්න අතර චීන සිගරට් ආනයනය පදනම් කරගෙන ගැටුමක් ඇති වීමට හේතුව මුදල් ප්‍රශ්නයක් බව වාර්තා වෙයි.

ඇමති මංගලගෙන් රෝහල් ගොඩනැඟිලි කිහිපයක් තැනීම සඳහා ඇමති රාජිත ඉල්ලූ මුදල් ලබා නොදීම නිසා මෙම විරසකය හටගෙන තිබේ.

රටේ ආර්ථික තත්ත්වය සලකා සියලු අමාත්‍යංශවල ප්‍රාග්ධන වියදම් 15%කින් අඩුු කරන ලෙස ඉල්ලා ඇති පසුබිමක ඇමති මංගල ඇමති රාජිතගේ ඉල්ලීම ඉටු කර නැති අතර අනතුරුව එම විරසකය චීන සිගරට් විරෝධයක් ලෙස කරළියට පැමිණ තිබේ.

කෙසේ වුවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ රටට බාල පිළිකා ඖෂධ ගෙන ආ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලට රජයේ මුදල් යෙද වූ රාජිතට චීන සිගරට් නාඩගමෙන් ගොඩ යාමට ඉඩ නොතබන බවය.

මේ අතර බුර්කා තහනමට පවා එරෙහි වූ බව කියන ඇමති මංගලට සහ රාජිතට ගම්පහ පන්සල්වලට පැමිණීම ද තහනම් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *