කිරිගොවීන් අසරණ නෑ! සියලු කිරි අපි ගන්නවා! – මිල්කො

March 17, 2020 at 11:58 pm | by emanisa.lk

කොරෝනා අසාදනය නිසා කිරි අලෙවි කර ගැනීමේ ගැටලුවලට මුහුණ දෙන කිරි ගොවීන්ගේ කිරි නිෂ්පාදන මිල දී ගැනීමට මිල්කො ආයතනය සූදානම් බව නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය පවසයි. අදාළ නිවේදනය මෙසේය.

කිරි ගොවීන්ගේ කිරි නිෂ්පාදනය මිල දී ගැනීමට මිල්කො සමාගම සූදානම්.

මේ වන විට රටේ පවතින වාතාවරණය හේතුවෙන් ඇතැම් කිරි ගොවීන් හට ඔවුන්ගේ කිරි අලෙවි කර ගැනීමේ අපහසුතා ඇති වන බව අපට වාර්තා වී ඇත. එය සැලකිල්ලට ගෙන කිරි ගොවීන් නිපදවන දේශීය කිරි අඛණ්ඩව මිල දී ගැනීමට මිල්කො සමාගම විසින් තීරණය කර තිබේ.

එබැවින් මහවැලි, කෘෂිකර්ම, වාර්මාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයට අනුබද්ධ පූර්ණ රාජ්‍ය සමාගමක් වන මිල්කො සමාගමේ දිවයින පුරා පිහිටි කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන හරහා කිරි ගොවීන් සපයනු ලබන එළ කිරි මිල දී ගැනීමට මිල්කො සමාගම සූදානමින් සිටින බව දන්වා සිටිමු.

වැඩි විස්තර සඳහා පහත අංක අමතන්න.

මහින්ද දිසානායක මහතා                        077 328 9288

කේ කනගරාජා මහතා                             077 612 8579

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *