පුත්තලම නගරාධිපති හකීම්ට බායි කියයි! ජනතාව සමග ගෝඨා ජනපති කරන්න එක්වෙයි!  

November 1, 2019 at 11:34 am | by emanisa.lk

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන පුත්තලම නගරාධිපති කේ.ඒ .බායිස් ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂට සහාය දීමට ඊයේ (31)  දින තිරණය කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂට සහාය දිමට තිරණය කළේ  කුමන හේතුවක් නිසා දැයි විමසිමේදි ඔහු පවසා ඇත්තේ මෙවැන්නකි.

“පුත්තලමට මේ වන විට බරපතලම ගැටලුවක් වන අරුවක්කාලු කසල අංගණය පිළිබඳව අද  දින කොළඹ දී  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සමඟ  හමුවක් සිදු වුණා .

ඒ සදහා ආගමික නායකවරුන්, පිරිසිදු පුත්තලමක් සංවිධානය ඇතුළු කණ්ඩායම් කිහිපයක් එක්වුණා.  එහිදි ගෝඨාභය රාජපක්ෂ අපිට පොරෝන්දු වුනා  ඔහු බලයට පත්වු විට කිසිම ලෙසකින් පුත්තලම කසල රැගෙන නොයන බව.

මෙම තිරණය ගන්නා බවට ඔහු ලබා දුන්න නිවැරදි තින්දුව නිසා පුත්තලම ජනතාව සමග ඔහුට සහාය පළ කරන්න එකඟතාවය පළ කළා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස