වංචනිකයන්ට දූෂිතයන්ට ඉඩක් නොදෙන සජිත් වෙනුවෙන් රිෂාඩ් කාර්යාලයක් විවෘත කරයි!

October 27, 2019 at 11:03 pm | by emanisa.lk

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය වෙනුවෙන් ඇමති රිෂාඩ් බදියුදීන් කාර්යාලයක් විවෘත කර තිබේ.

මේ වන විට ඇමති රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම් වැනි ඇමතිවරුන්ට දකුණේ ජනරැලි ඇමතීම එම පෙරමුණ මගින් වාරණය කර ඇති අතර ඔවුන් මුස්ලිම් ජනතාව බහුල මන්නාරම වැනි ප්‍රදේශවල මැතිවරණ කටයුතු ඔවුන්ට භාර දී තිබේ.

මේ වන විට පෙර කී ඇමතිවරු දෙදෙනාටම පාස්කු ප්‍රහාරකයන් සමග සබඳතා පැවැත් වූ බවට සහ ඔවුන්ට ආධාර අනුබල දුන් බවට මෙන්ම බොහෝ වංචා දූෂණ අන්තවාදී ක්‍රියා පිළිබඳ චෝදනා එල්ලවෙමින් තිබේ.

මේ අතර සජිත් ප්‍රේමදාස පවසන්නේ හොරුන්ට වංචනිකයන්ට සිය ආණ්ඩුවේ ඉඩක් නොමැති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස