දිනන්න බැරි මැතිනියට ශ්‍රිලනිපය දීලා චන්ද්‍රිකා පුටුවෙන් දිනුවා! සජිත් රනිල්ට කරන්න ඕනත් එහෙමයි! – පාඨලී

February 22, 2020 at 10:46 am | by emanisa.lk

කාලයත් සමඟ වෙනස් වෙමින් ඉදිරියට යාමෙන් තොරව එක්සත් ජාතික පක්ෂයට කිසි දිනක බලය ලබාගත නොහැකි බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක පවසයි.

ඊයේ (21) පස්වරුවේ පැවති ජන හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

දේශපාලන පක්ෂයක ප්‍රධාන අරමුණ බලය ලබා ගැනීම බවත් බලයක් නැතිනම් පක්ෂයක අතීතය හෝ අන් කිසිවකින් ඵලක් නැති බවත් හෙතෙම පවසයි.

කිසිදා මැතිවරණ ජයගත නොහැකි යැයි කී සිරිමා මැතිනියට ශ්‍රිලනිපය භාරදී චන්ද්‍රිකා පුටුව ලකුණින් සන්ධානයක් තනාගෙන කිසිදා පරාජය කළ නොහැකි බව කී එජාපය 1994 පරාජය කළ බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ඒ සඳහා විවිධ පක්ෂ විවිධ කාලවලදී වෙනස් වෙමින් ඉදිරියට පැමිණ ඇති බවත් ඒ ආකාරයෙන්ම එක්සත් ජාතික පක්ෂයත් වෙනස් වෙමින්, අලුත් වෙමින් ඉදිරියට ගමන් කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස