පාඨලීගේ උගත් බුද්ධිමත් ජනපති අපේක්ෂක කතා නිමයි! අනුකම්පා උපාධිදාරී සජිත් රැල්ලට පාද තබන්න සූදානම්!

August 16, 2019 at 2:35 pm | by emanisa.lk

මෙතෙක් කල් සජිත් ප්‍රේමදාස විරෝධී ස්ථාවරයක සිටි ඇමති පාඨලී චම්පක රණවක එජාප නිල නොලත් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස හමු වී සාකච්ඡා කර ඇතැයි වාර්තා වෙයි.

පසුගිය 12 වෙනිදා කොළඹ දෙදෙනා හමු වී සාකච්ඡා කර ඇති අතර පක්ෂ අභ්‍යන්තර ගැටලු විසඳා ගෙන ජනාධිපතිවරණයට සජිත් ඉදිරිපත් වන්නේ නම් ඒ පිළිබඳ තමාට ගැටලුවක් නොමැති බව පාඨලී පවසා තිබේ.

එසේම එජාපය ප්‍රමුඛ සන්ධානය ගොඩනඟා ජනාධිපති අපේක්ෂකයා නම් කළ යුතු බව සිය ස්ථාවරය යැයි ද පාඨලී පවසා ඇති අතර එජාපයට තනිව තරඟ කර ජයගත හැකි යැයි සිතන්නේ නම් ඒ පිළිබඳ ගැටලුවක් නැතැයි ද පවසා ඇත.

මෙයට පෙර ඇමති පාඨලී චම්පක රණවක පවසා තිබුණේ උගත් බුද්ධිමත් තරුණ පිරිසකට රට භාරදීමට අවශ්‍ය පදනම සකසන බවය. කෙසේ වුවද ඇමති සජිත් ප්‍රේමදාසට සාමාන්‍ය පෙළ උසස් පෙළ හෝ සුදුසුකම් නොමැති බවටත් එංගලන්ත උපාධිය ද අනුකම්පාව මත ලබා දුන් එකක් බවටත් ඇතැම් පාර්ශව පවසති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස