සජිත්ගේ හංස ප්‍රතිපත්ති ප්‍රකාශනය හැදීමේ වගකීම රාජිතට සහ රවීට!

September 27, 2019 at 10:19 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක ඇමති සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සෑදීමේ කටයුතු ඇමති රාජිත සේනාරත්න සහ ඇමති රවී කරුණානායකට භාර දීමට එජාප නායකත්වය තීරණය කර තිබේ.

මේ සඳහා අගමැති රනිල් රාජිත සේනාරත්න ද ඇමති සජිත් රවී කරුණානායක ද යෝජනා කර තිබේ. මේ දෙදෙනාම සජිත් ප්‍රේමදාසට එජාප අපේක්ෂකත්වය ලබා නොදීමට අවසාන මොහොත දක්වා සටන් කළ දෙදෙනෙකි.

2005, 2010 මෙන්ම 2015 ද ජයග්‍රාහී ප්‍රතිපත්ති ප්‍රකාශනය හැදුවේ තමා බවට උදම් අනන ඇමති පාඨලීගේ නම ඒ සඳහා යෝජනා නොවීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස