විල්පත්තුව දේවස්ථානවලට බෙදන්න ගිය ජෝන්ට බාල්දියක්!

September 4, 2019 at 4:33 pm | by emanisa.lk

විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ කතෝලික දේවස්ථානය පිහිටි භූමිය ජාතික වනෝද්‍යානයෙන් ඉවත් කර වෙනම ගැසට් කිරීම සඳහා වනජීවී හා සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු ඇමැති ජෝන් අමරතුංග විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අද (03) පැවැති කැබිනට් රැස්වීමේදී ඇමැතිවරුන් පිරිසක් දැඩි විරෝධය පළකර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇමැතිවරුන් වන ගාමිණි ජයවික්‍රම පෙරේරා, පාඨලී චම්පික රණවක, සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු ඇමැතිවරුන් පිරිසක් මෙසේ විරෝධය පළකර ඇති බවද එම ආරංචි මාර්ග වලින් පැවැසේ.

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අක්කර අටක පමණ භූමි ප්‍රදේශයක් මෙසේ ජාතික වනෝද්‍යානයෙන් ඉවත් කර වෙනම ගැසට් කිරීම සඳහා අනුමැතිය ඉල්ලා මෙම කැබිනට් සංදේශය ඉදිරිපත් කර ඇති බවද වාර්තා වේ.

එහිදී අදහස් දක්වා ඇති ඇමැතිවරුන් කිහිප දෙනෙකු සඳහන් කර ඇත්තේ පල්ලියේ උත්සව කටයුතු සඳහා භූමිය භාවිත කිරීමට ඉඩදිය හැකි නමුත් භූමිය වෙනම ගැසට් කිරීමට ඉඩදිය නොහැකි බවය. ඒ අනුව කැබිනට් සංදේශය ඉවත් කරගෙන ඇති බවද වාර්තා විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස