එජාප සන්ධානයට ශ්‍රීලනිපය එජාපය එනවා නම් අලුත් ලකුණක යමු! එහෙම නැතිව ඉන්නේ පරණ අයම නම් අලුත් ලකුණක් වැඩක් නෑ! – රනිල්

February 13, 2020 at 8:58 am | by emanisa.lk

නව සන්ධානය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණත් එකතු වන්නේ නම් අලියා ලකුණ වෙනුවට වෙනත් ලකුණක් යොදා ගැනීම ගැටළුවක් නොවන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

ඊයේ (12) රාත්‍රියේ පැවති රනිල් – සජිත් සාකච්ඡාවට පෙර තම හිතවතුන් පිරිසක් සමඟ මේ මාතෘකාව පිළිබඳ අදහස් දක්වමින් ඔහු මෙසේ සඳහන් කර ඇත.

නව සන්ධානය, රාජපක්ෂ විරෝධී පුළුල් දේශපාලන පෙරමුණක් වශයෙන් ශ්‍රීලනිප, ජවිපෙ සමඟත් එක්ව ගොඩ නැඟෙන්නේ නම් අනිවාර්යයෙන්ම වෙනත් ලකුණක් යොදා ගැනීමට සිදුවන බව පෙන්වා දී ඇති එජාප නායකයා එසේ නොමැති නම් අලියා ලකුණ වෙනුවට වෙනත් ලකුණක් යොදා ගැනීම තේරුමක් නොමැති බව අවධාරණය කරයි.

විශේෂයෙන්ම මෙම සන්ධානය තුළ සිටින්නේත් 2015 වසරේදී එක්සත් ජාතික පෙරමුණ යටතේ අලියා ලකුණින් තරග වැදුණු පක්ෂම නම් අලුතින් ලකුණක් අවශ්‍ය වන්නේ කුමකටදැයි ඔහු විමසා ඇති බව සඳහන්ය.

නව සන්ධානය සඳහා හදවත ලකුණ යෝජනා කර ඇත්තේ පාඨලී චම්පක රණවක වන අතර එම ලකුණ සම්බන්ධයෙන් ද එක්සත් ජාතික පක්ෂය තුළම යම් සංවාදයක් මතුව තිබේ. මෙම ලකුණට තරුණ පිරිස් අතර යම් ජනප්‍රියතාවක් අත්කර ගත හැකි නමුත් ඡන්ද ලකුණක් වශයෙන් මෙම කොතරම් බැරෑරුම්ද, මෙය කොතෙක් දුරට සමාජය තුළ උපහාසයට ලක්විය හැකිද යන්න එහිදී ඔවුන්ගේ අවධානයට යොමුව ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස