සති දෙකකට පසු අද නැවතත් කැබිනට් මණ්ඩලය රැස්වෙයි!

June 18, 2019 at 6:35 am | by emanisa.lk

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සතිපතා පැවැත්වෙන කැබිනට් රැස්වීම සති දෙකකට පසු අද (18) පෙරවරු 9.30ට පැවැත්වීමට නියමිතය.

පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බැලෙන විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට විරෝධය දැක්වීමක් වශයෙන් පසුගිය සතියේ ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය රැස් නොකළ අතර කැබිනට් රැස්වීමට තමා සහභාගි නොවන බවට ප‍්‍රකාශයක් ද කර තිබිණි.

කෙසේ වුවද ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ප‍්‍රමුඛ ඇමැතිවරුන් පිරිසක් ජනාධිපතිවරයා හමුවී එම අර්බුදය විසඳා ගැනීමට කටයුතු කළහ.

පසුගිය සතියේ කැබිනට් රැස්වීම නොපැවැත්වීම නිසා කැබිනට් පත්‍රිකා 100කට අධික ප්‍රමාණයක් සාකච්ඡාවට ගත නොහැකි වූ බව ඇමති පාඨලී චම්පක රණවක පවසා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස