ත්‍රස්තවාදය නිමා කිරීමට නම් මෙහෙයුම්වලට බාධා කරන මුස්ලිම් කටයුතු ඇමති හලීම් වහාම ඉවත් කරන්න! – හමුදාපති

May 13, 2019 at 12:56 pm | by admin

මුස්ලිම් කටයුතු පිළිබඳ ඇමැතිවරයා වහාම මාරුකර එම අමාත්‍යාංශය වෙනත් උගත් බුද්ධිමත් අයකුට පැවරිය යුතුව ඇතැයි යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසා තිබේ. මෙම අමාත්‍යාංශය මුස්ලිම් ඇමැතිවරයකුටම දිය යුතු නැති බවත් වෙනත් ආගමිකයකුට වුවත් පැවරිය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

මූලධර්මවාදීන් සහ අන්තවාදීන් පිළිබඳව අපට නිතර නිතර ඇහෙන බව පවසන හමුදාපතිවරයා වත්මන් මුස්ලිම් කටයුතු පිළිබඳ ඇමැතිවරයා මේ පිළිබඳ නිසි ලෙස සොයා නොබලන බවට චෝදනා කළේය.

ත්‍රස්තවාදය නිමා කිරීමට නම් ආරක්ෂක මෙහෙයුම්වල දී ආරක්ෂක අංශවලට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ තිබිය යුතු බවත් ගෙදර මිනිහා තමන්ගේ ගේ පරික්ෂා කරනවා වගේ වැඩ කළ නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි.

මුස්ලිම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශය කළ යුතු රාජකාරිය හමුදාවට, පොලිසියට කිරීමට සිදුව ඇති නිසා වහාම මෙම අමාත්‍යාංශය මාරු කිරීම වැදගත් යැයි හමුදාපතිවරයා අවධාරණය කරයි.

දිවයින

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස