ව්‍යවස්ථාව අනුව මහ මැතිවරණයට තරඟ කරන්න ඕන ⁣පුටුවෙන්! – දයාසිරි

December 13, 2019 at 12:14 pm | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ව්‍යවස්ථාවට අනුව ඉදිරි මහ මැතිවරණයට තරග කළ හැක්කේ පුටුව ලකුණින් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් සමඟ පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යෙවත අදහස් දකවමින් ඔහු මේ බව සඳහන් කළේය.

සොරුන්, මංකොල්ලකරුවන්, මිනීමරුවන්ගෙන් තොර උගත්, බුද්ධිමත් නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් ගොඩනැගීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැපවන බවත් එහිදී හෙතෙම පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස