මුහුණු පොතේ බෞද්ධකමට නිගාදෙන මඩ ප්‍රචාර ගෙනියනවා! ජාතිවාදී බොරු ප්‍රචාර කරන අයගේ ලැයිස්තුව රහස් පොලිසියට දුන්නා! – ඇමති වජිර

May 23, 2019 at 11:37 am | by admin

මුහුණු පොත හරහා වැරදි ප්‍රචාර ගෙන යන අය ජාතිවාදය අවුස්සාගෙන ගැටුම් ඇති කිරීමට උත්සාහ කරන බවත් ඔවුන්ගේ නාම ලේඛනය මේ වනවිට රහස් පොලීසිය විසින් ලබාගෙන ඇති බවත් ඇමැති වජිර අබේවර්ධන මහතා පවසනවා.

එමෙන්ම ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය වහා ක්‍රියාත්මක කළ යුතු බවත් අමාත්‍යවරයා කියා සිටියා.

ගාල්ල උළුවිටිකේ ඊයේ (21) පැවති රැස්වීමක් අමතමින් වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කළා.

පටු අරමුණු සහිතව වෛරයෙන් ක්‍රෝධයෙන් සහ දේශපාලන ඊර්ෂ්‍යාවෙන් කටයුතු කරන ඇතැම් පිරිස් තම යුතුකම ඉටු නොකර බොරු ප්‍රචාර ගෙනයමින් බෞද්ධකමට ද නිගරු වන ආකාරයට මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍ය ජාලා හරහා මඩ ප්‍රචාර ගෙන ගියත් ඒවායින් සැලෙන් නැති බවත් ඔහු පවසනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ සෝදිසි මෙහෙයුම් කිරීමට අවශ්‍ය උපදෙස් ආරක්ෂක කමිටු කැඳවමින් ලබා දීමට කටයුතු කළා බවත් ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් දේශපාලන නායකත්වයද ලබා දුන් බවත් ඔහු කියනවා.

අප සමාජයේ මරණ දැන්වීමක් ප්‍රචාරය කරන්නත් නමක් යොදා ප්‍රචාරය කරන ලදි යනුවෙන් සඳහන් කළ යුතුය.සමාජ ජාලාවලින් අපහාස කරන්න බොරු ප්‍රචාර ගෙනියන්න බොහෝ දෙනකුට අවස්ථාව ලැබී තිබෙනවා. ඒවාට නම ගම ඕන නෑ. අපේ රජය යටතේ ප්‍රකාශනයේ සහ භාෂණයේ නිදහස තහවුරු කළ නිසයි.

අපේ රජය මාධ්‍යයට උපරිම නිදහස ලබා දී තිබෙනවා. දැන් ඔවුන් ඒ නිදහස තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් යොදාගෙන තිබෙනවා. පසුගිය රජය කාලයේ මෙසේ කළානම් සුදු වෑන් ඇවිල්ල මෙවැනි අය අරගෙන යනවා. ඒවා ඔබට මතක ඇති. නමුත් අපි අදත් කියන්නේ අපේ රජය දුන් මාධ්‍ය නිදහස භුක්ති විදින්න තරම් උගත් තරුණයන් සිටිනවාද යන්නප්‍රශ්නයක්. මෙවැනි අයට මා බෞද්ධයකු ලෙස ප්‍රකාශ කරන්නේ ඔබ සුවපත් වේවා කියායි ඔහු වැඩිදුරටත් කියා සිටියා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස