කලගෙඩිහේනේ ගණන්කාරයා නැවතත් ස්වර්ණවාහිනියේ! ලයිකා මොබයිල් අලිරාජාගේ නියෝගයක්ලු!

August 2, 2019 at 5:28 pm | by emanisa.lk

දිනේෂ් අමරතුංග නම් ටියුෂන් ගුරුවරයකු විසින් කලගෙඩිහේන ප්‍රදේශයේ දී වෑන් රියට සිය පෞද්ගලික ආරක්ෂකයන් ලවා පහර දීම පසුගිය සමයේ මහත් ආන්දෝලනයට ලක්විය.

රූපවාහිනි නාළිකා කිහිපයක ගණිත දේශකයකු ලෙස වැඩසටහන් ඉදිරිපත් කළ මෙම පුද්ගලයා අනතුරුව අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ අතර අනතුරුව ඇප මත නිදහස් විය.

කෙසේ වුවද පසුව ඔහුට සුපුරුදු වැඩසටහන් ඉදිරිපත් කිරීමට සෙසු නාළිකා ඉඩ ලබා නොදුන් අතර ස්වර්ණවාහිනිය පමණක් එම අවස්ථාව ලබා දී තිබේ.

අදාළ පහර දීමේ සිද්ධිය නිසා මහත් අපකීර්තියට පත් මෙම පුද්ගලයාට නැවත අවස්ථාව ලබා නොදීමට ස්වර්ණවාහිනිය ප්‍රධානීන් ද කටයුතු කළ ද මේ වන විට ස්වර්ණවාහිනී නාළිකාවේ හිමිකාරීත්වය දරන ලයිකා මොබයිල් ආයතන ප්‍රධානී සුබාස්කරන් අලිරාජාගේ උපදෙස් මත නැවත ස්වර්ණවාහිනියේ වැඩසටහන් ඉදිරිපත් කිරීමට ඉඩ ලැබී තිබේ.

උගත් බුද්ධිමත් තරුණ අපේක්ෂකයා ලෙස එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා ද යෝජනා කළ මෙම පුද්ගලයා සහ කොටි ඩයස්පෝරාවට සම්බන්ධ ත්‍රස්තවාදී අරමුදල් විශුද්ධිකරණ චෝදනා ලැබ සිටින කුප්‍රකට අලි රාජා අතර ඇති සබඳතාව කුමක් දැයි විවිධ පාර්ශව ප්‍රශ්න කරති. මොහු ජනාධිපති අපේක්ෂකයා කිරීමේ ව්‍යාපෘතිය පිටුපස සිටියේ රජයේ උස හීන්දෑරි ඇමතිවරයා බව ද කියති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *