පොහොට්ටුවේ ඉන්නේ මෝඩ වහල්ලු! උගත්තු බුද්ධිමත්තු නම් යූඇන්පී! – හිරුණිකා

October 21, 2019 at 6:30 pm | by emanisa.lk

පොහොට්ටුවේ සිටින්නේ මහින්ද රාජපක්ෂ වේදිකාවකට නැඟ දොඩම් ගෙඩියක් පෙන්වා ඇපල් යැයි කිවහොත් එය හිස් මුදුනින් පිළිගන්නා පිරිසක් බවත් ඔවුන්ට මෝඩ වහල්ලු යැයි තමන් කියන්නේ ඒ නිසා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

එහෙත් එජාපයේ සිටින්නේ නායකයාගේ වරදක් දුටුව ද ඊට එරෙහි වීමට තරම් කොන්ද පණ ඇති හරි වෙනස් උගත් බුද්ධිමත් පාක්ෂිකයන් පිරිසක් බවත් රටට උවමනා එවැනි පිරිසක් බවත් ඇය අවධාරණය කරයි.

අපි බත් කටක් හෝ කමින් හොඳට ඇඳ පැළඳ යාන වාහනවල යන්නේ ජනතාව ලබා දුන් ඡන්දය නිසා බවත් එහෙයින් සජිත් ප්‍රේමදාස පවසන ආකාරයටම පාලකයන් ජනතාව ළඟ පයට පෑගෙන දුහුවිල්ලටත් වඩා නිහතමානි විය යුතු බවත් ඇය පෙන්වා දුන්නාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස