නියෝජ්‍ය ඇමති බුද්ධිකට අරලියගහ මන්දිරෙන් ප්‍රහාරයක්!

February 13, 2019 at 12:26 pm | by admin

ආනයනික කිරිපිටිවල ඌරු තෙල්, ෆාම් ඔයිල් සහ ලැක්ටෝස් මිශ්‍ර කර ඇති බවට නැඟෙන චෝදනා පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස පසුගියදා නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ විසින් ඉල්ලා සිටියේය. ඊට එරෙහිව රටේ සෞඛ්‍ය ඇමතිවරයා මෙන්ම ෆොන්ටෙරා සමාගම ද නිවේදන නිකුත් කළ අතර කතානායක කරු ජයසූරීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දියර කිරි පමණක් ලබා දෙන බව සහතික කළේය. මේ අතර බුද්ධික පතිරණ මන්ත්‍රීවරයාට පක්ෂව ආණ්ඩුවේ කොටස් මෙන්ම විපක්ෂයේ දේශපාලකයන් ද අදහස් දක්වන අතර ඇතැම් පාර්ශව වෙතින් නියෝජ්‍ය අමාත්‍යවරයාට විවේචන ද එල්ල විය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රධානියකු බව කියන තුෂාර ඩී. වන්නිආරච්චි නැමැත්තකු නියෝජ්‍ය අමාත්‍යවරයා හාස්‍යයට සහ ගර්හාවට ලක්කරමින් ෆේස්බුක්හි සටහනක් පළ කර තිබේ. අගමැති රනිල් වික්‍රමසිංහගේ සමීපතමයකු ලෙස හැසිරෙන අරලියගහ මන්දිරයේ සිට රාජකාරී කරන මොහු පවසන්නේ කිරිපිටි ගැටලුව පිළිබඳ සිය නායකයාගේ මතය විය හැකිය. එය මෙසේය.

“බුද්දික පතිරණ {බාගෙට උගත් }ඇමති උතුමා වෙත
නවශිලන්තයේ පොන්ටෙරා සමාගම කිරි ගොවින් හට පිරිසිදු කිරි නිෂ්පාදනයට හානි වන කරනා සදහා දඩ ගසනුයේ ඩොලර් ලක්ෂ ගන්නනෙනි .ඒ පිළිබද ඔබට කියා වැඩක් නැත .මන්ද ඔබ ඒ පිලිබදව හොදින්ම දනී .නමුත් ලංකාවේ ඇන්කර් සමාගම (පොන්ටෙරා ) සමාගම බිය ගන්නවා ඔබා දැනටමත් කැපිටල් මහරජා සමාගමට නැතහොත් සිරසට වෙළද දැන්වීම් කියා කොටි සිය ගණනක කප්පමක් උපයා දී ඇත ,මට කීමට ඇත්තේ ඔබ එකස්ත් ජාතික පක්ෂයේ තවත් ටෝබයියෙකු බවය ,ඔබ වැනි තක්කඩින්ට දිනන්නට පක්ෂෙට කඩේ යන අපිට සිරිසේනට කියා මඩු වලිගෙන් තෑලිය යුතුය
පසුවා ලියමි ඉඩම් කළමනාකරණය ගැන මෙලෝ පරි ඇටයක් නොදන්නා මගුල් කතා කරන පක්ෂයේ ඇමතිවරුන් ඉන්න ආණ්ඩු වට කඩේ යනවාට සිරිසේනට කියා බ්රෙසියරයක් ඇද ගත යුතුය”

(ඉහත ඡායාරූපය ඔක්තෝබර් 26 රාත්‍රී අගමැති රනිල් වික්‍රමසිංහ බලයෙන් පහ කළ පසු ගාල්ලේ සිට අරලියගහ මන්දිරයට පැමිණි අවස්ථාවේ ගත් එකකි.)

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස