මම කිරිපිටිවලට එරෙහිව ඇමරිකාව එක්ක හැප්පුණා! විද්‍යාව උගත් ඇමති රාජිතගෙන් ජනපතිට දැඩි ප්‍රහාරයක්! (video)

February 18, 2019 at 4:40 am | by admin

2018 ලෝක සෞඛ්‍ය සංවිධාන සැසියේ දී ඇමරිකාව සමග හැප්පී කිරිපිටි වෙනුවට මව්කිරි ලබා දීම වෙනුවෙන් යෝජනාවක් සම්මත කරගත් බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි. අනෙක් සියලු ඇමතිවරු ඇමරිකානු නිලධාරීන් හමු වීමට අවස්ථාවක් ඉල්ලා සිටින පසු බිමක ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇමරිකානු ඇමතිවරයා තමන් හමු වීමට වෙලාවක් ඉල්ලා සිටින බවත් ඇමතිවරයා හෙළි කළේය.

එසේම ඕනෑ නම් කිරිපිටි ආනයනය නතර කළ හැකි බවත් එහි දී ජනතාවගේ කිරි අවශ්‍යතා සපුරා ගැනීමට මාර්ග තිබිය යුතු බවත් ඔහු පවසයි.

“කිරිපිටි ශ්‍රී ලංකාවට ආනයනය කරනවාද නැද්ද යන්න වෙනම ප්‍රශ්නයක්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සැසිවාරයක දී මව්කිරි ප්‍රචලිත කිරීමේ යෝජනාව මම ජයගත්තේ ඇමරිකාව සමග සටන් කරමින්. මම දරුවන් වෙනුවෙන් එම සටන දියත් කළේ. මගේ සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබදව සාකච්ඡා කිරීමට ඇමරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය අමාත්‍යවරයා එරටට පැමිණෙන ලෙස ආරාධනා කර තිබෙනවා. නමුත් එම සාකච්ඡාවට යාමට මට අවස්ථාවක් නැහැ.”

කෙසේ වුවද පසුගිය සමයේ කිරිපිටි ශරීර සෞඛ්‍ය සඳහා හොඳ නැති බව ද එහි ඌරු තෙල්, කටුපොල් තෙල් සහ ලැක්ටෝස් අඩංගු බවට නැඟෙන චෝදනා පිළිබඳ පර්යේෂණ කළ යුතු බව නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ පාර්ලිමේන්තුවේ දී පැවසුවේය. ඒ සමග බොහෝ පිරිසක් ඔහුට පක්ෂපාතීව අදහස් දැක්වූ අතර ජනාධිපතිවරයා ද ඊට එකතු විය. එහෙත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙන්ම ෆොන්ටෙරා සමාගම ද දැරුවේ ඊට පටහැනි එහෙත් එක සමාන අදහසකි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස