රාජපක්ෂලා නැතුවට දේශපාලනයට සුදුසු උගත් අය තව ඉන්නවා! – එජාප ජනපති අපේක්ෂක සිහින දකින පාඨලි

January 21, 2019 at 5:15 am | by admin

ගෝඨාභය, චමල්, බැසිල් නැතිවට දේශපාලනයට සුදුසුකම් ඇති තවත් උගතුන් මේ රටේ සිටින බවත් රටේ නායකත්වයට රාජපක්‍ෂලාම අවශ්‍ය නොවන බවත් මහ නගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඉකුත් සෙනසුරාදා (19 වැනිදා) මහනුවරදී පැවසීය.

කුසලතා පූර්ණ උගතුන්ට මුල්තැන ලබා දෙන දේශපාලන ක‍්‍රමයක් රටට අවශ්‍ය බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මහ නගර අමාත්‍යාංශය මගින් මහනුවර ක‍්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ ප‍්‍රගතිය සොයා බැලීමට පැමිණි අමාත්‍යවරයා මාධ්‍ය කළ විමසීම්වලට ප‍්‍රතිචාර දක්වමින් මෙම අදහස් පළකළේය.

යහපාලන රජය මුහුණපා තිබෙන ඉතා බැ?රුම් වගකීම රාජපක්‍ෂ පාලන සමයේ ලබා ගන්නා ලද විදේශ ණය ගෙවීම් බව පැවසූ පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා රාජ්‍ය නොවන විදේශ ණයෙන් සියයට අසූවක්ම (80%) මහින්ද රාජපක්‍ෂ පාලන කාලයේ ලබාගත් ණය බවද පැවසීය.

1947 සිට ශ‍්‍රී ලංකාව ලබාගත් විදේශ ණය ප‍්‍රමාණය සියයට විස්සක් පමණකි. මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ ලබාගත් විදේශ ණය කිසිදු ඵලක් නොවන ව්‍යාපෘතිවල යොදා ණය ගෙවීමේ වගකීම යහපාලන රජයට ඉතිරිකර දී තිබේ යැයි ද ඇමැතිවරයා පැවසීය.

විශාලතම විදේශ ණය ප‍්‍රමාණය ගෙවීමට සිදුවූයේ මෙම වසරෙදීයි. ණය සහ ණය පොලී එකතුව ඇමරිකානු ඩොලර් මිලියන 2300 ක් ගෙවීමට සිදුවී යැයිද ඇමැතිවරයා කොළඹ වරාය නගරය දැන් ඉදිවෙමින් පවතින බවද පැවසීය.

තම අමාත්‍යාංශය මගින් කොළඹ නව නිවාස 14,000 ක් ඉදිකෙරෙන අතර 2020 වන විට පැල්පත් වැසියන් සඳහා නිවාස 50,000 ක් ඉදිකරන බවද පැවසීය.

වත්මන් රජය විශාල සංවර්ධන ක‍්‍රියාදාමයක නිරත බව පැවසූ අමාත්‍ය චම්පික රණවක මහතා දුම්රිය මාර්ගය බෙලිඅත්ත දක්වා දීර්ඝ කළ බවත් මහනුවරට සුවිශාල නවීන පහසුකම් සහිත රථවාහන අංගනයක් ලබාදීමට සැලසුම් කර තිබෙන බවත් පැවසීය.

ඉදිරියේදී මැතිවරණ පැවැත්වීමට රජය පියවර ගන්නා බව පැවසූ අමාත්‍යවරයා ජනාධිපති මැතිවරණය පැවැත්වීම ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ වගකීමක් බවද පැවසීය.

මේ රටේ දේශපාලනයට උගතුන් විද්වතුන් අවශ්‍යයි. එසේම කුසලතාවට මුල්තැන දෙන දේශපාලන සංස්කෘතියක් රටට අවශ්‍ය වී තිබේ යැයිද අමාත්‍යවරයා පැවසීය.

මහනුවර සංවර්ධන ක‍්‍රියාදාමය කඩිනම් කරන බව පැවසූ ඇමැතිවරයා ජෝර්ජ් ඊ. ද සිල්වා උiානය සංවර්ධන කටයුතු නුදුරු අනාගතයේදීම අවසන් කර මහනුවර උමං මාර්ග ප‍්‍රතිනිර්මාණය කර පහසුකම් සලසන බවද පැවසීය.

හෙළ උරුමය මහනුවර දිස්ත‍්‍රික් සංවිධායක තුෂාර ස්වර්ණතිලක මහතා ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස