පහුගිය තිස් අවුරුද්දෙම පාර්ලිමේන්තුවේ කොකේන්කාරයෝ හිටියේ නෑ! සිගරට් එකක් බොන්නේ නැති අය ඉන්නේ! – කොකේන් කමිටුවේ සභාපති

February 24, 2019 at 10:55 am | by admin

වසර තිහක් පුරා තමන් පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර ඒ කාලය තුළ පාර්ලිමේන්තුවේ කොකේන් පානය කරන කිසිදු මන්ත්‍රීවරයෙකු නොසිටිී බව තමන්ට වගකීමෙන් යුතුව කිව හැකි යැයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි. රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක විසින් මැති ඇමතිවරු 24 දෙනෙක් කොකේන් පානය කරන බවට චෝදනා කිරීමත් සමගම ඒ පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුවේ සභාපතිවරයා කිරිඇල්ල ඇමතිවරයාය.

මන්ත්‍රීවරු මුණ ගැසීමට උගත් අය මෙන්ම අයිආර්සීකාරයන් ද පැමිණෙන බව කී ඇමතිවරයා එලෙස ඇසුරු කළේ යැයි චෝදනා කිරීම වැරදි බව පෙන්වා දෙයි. කෙසේ වුවද එල්ල වී ඇති චෝදනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යවන බව හෙතෙම පවසයි. පාර්ලිමේන්තුවේ සිගරට් එකක් පවා පානය නොකරන අය සිටින බවත් ඔවුන්ට මෙම චෝදනාව බලවත් අසාධාරණයක් බවත් ඔහු පෙන්වා දෙයි. අනාගතයේ සත්‍ය හෙළිවනු ඇතැයි ද ඇමතිවරයා අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *