ගෝඨාට විරුද්ධව ශක්තිමත් විපක්ෂයක් හදනවා! ඒකට හරි කාලේ එනකල් මතුගම තේ වවනවා! – වෙල්ගම

December 30, 2019 at 8:56 am | by emanisa.lk

වර්තමාන දේශපාලනයේ පවතින කැලඹිලි සහිත තත්ත්වය සමනය වන තුරු තමන් දේශපාලනයෙන් තාවකාලිකව ඉවත්වී මතුගම අක්කර 125 තේ වගා කිරීමේ කටයුත්තක නිරත වී සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

ඔහු කියා සිටියේ ශක්තිමත් පොදු විපක්‍ෂයක් නිර්මාණය කිරීම ඉතා වැදගත් කාරණයක් වුවද විපක්‍ෂයේ පක්‍ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුම් එම වැඩපිළිවෙළ අඩාළ කර ඇති බවය. කෙසේ වෙතත් ශක්තිමත් පොදු විපක්‍ෂයක් බිහි කිරීම සඳහා වූ තම අපේක්‍ෂාව අත්හැර නොමැති බවද ඔහු සඳහන් කළා.

ඒකාබද්ධ විපක්‍ෂය නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය හා මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාගෙන් උගත් පාඩම් උපයෝගී කර ගනිමින් වත්මන් රජයට එරෙහි පොදු විපක්‍ෂයක් නිර්මාණය කිරීමේ කටයුත්තට නායකත්වය ලබාදෙන බවද ඔහු සඳහන් කරයි.

කෙසේ වෙතත් විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ අතර පවතින ගැටලු හා අර්බුද විසඳා ගන්නා තුරු ඒ සඳහා බලා සිටීමට සිදුව ඇති බවත්, අර්බුද හමුවේ පොදු විපක්‍ෂයක් නිර්මාණය කළ නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි. තමන්ට විපක්ෂයේ අසුනක් වෙන් කරන ලෙස ද ඔහු පාර්ලිමේන්තු බලධාරීන්ගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස