ඇමති නිළ නිවාසවල බලෙන් ළඟින යහපාලන ඇමති කල්ලිය මෙන්න! ආණ්ඩුව ලබන සතියේ නඩු පවරන්න සූදානම්! – (video)

May 5, 2020 at 11:58 pm | by emanisa.lk

පසුගිය යහපාලන ආණ්ඩුවේ ඇමති රාජ්‍ය ඇමති සහ නියෝජ්‍ය ඇමති ධුර සහ උපදේශක දුර දැරූ විසි දෙදෙනෙක් මෙතෙක් සිය නිල නිවාසවලින් ඉවත් වී නැතැයි වාර්තා වෙයි.

මේ අතර රවුෆ් හකීම්, චන්ද්‍රාණි බණ්ඩාර, රවීන්ද්‍ර සමරවීර, එඩ්වඩ් ගුණසේකර, දුනේෂ් කන්කන්ද, ලක්ෂ්මන් සෙනෙවිරත්න, අමීර් අලී, ජේ.සී. අලවතුවල, අශෝක් අබේසිංහ, චම්පික ප්‍රේමදාස, වඩිවෙල් සුරේෂ්, එච්.එම්.එම්. හාරිස්, ෆයිසාල් කාසීම්, නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෙයිකලනාදන්, අබ්දුල් හලීම්,ෆයිසර් මුස්තාපා, චන්දිම විරක්කොඩි, දුලිප් වීජේසේකර, ටී.බී. ඒකනායක, ඒ.එල්.ඒ.එම්. හිස්බුල්ලා, ජගත් පුෂ්පකුමාර යන යහපාලන ආණ්ඩුවේ පිරිස් මේ අතර සිටිති.

ඔවුන්ට එම නිවාසවලින් ඉවත් වීමට ලබා දුන් මාස තුනක කාලය දැන් නිමා වී ඇති බවත් එළඹෙන 11 වෙනිදා රටේ සාමාන්‍ය කටයුතු ආරම්භ කළ වහා ඒ සියලු දෙනාට එරෙහිව නඩු පවරන බවත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස