අන්තවාදය සහ බෙදුම්වාදය පරාජය කළ හැකි නායකයෙක් අද රටට ඕන! – නාරා ටී. අරුණ්කාන්ත්

September 2, 2019 at 6:11 pm | by emanisa.lk

ලංකාවේ දුප්පත් ජනතාවගේ නිවාස ප්‍රශ්නය ඉන්දියානු ආණ්ඩුවේ අවධානයට යොමුකර ඔවුන් වෙනුවෙන් නිවාස ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන්කර ගැනීමට කටයුතු කළේ තමන් බව ලංකා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පවසයි.

එම පක්ෂයේ නායක නාරා ටී. අරුණ්කාන්ත්ගේ මෙම අදහස් දැක්වූයේ ලංකා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ කාන්තා බලමුළුව පිහිටුවීමේ උත්සවයට එකතු වෙමිණි. එම හමුව පක්ෂ නායක අරුණ්කාන්ත්ගේ ප්‍රධානත්වයෙන් පාතහේවාහෙට දෙල්තොට හෝටලයේ දී අද (02) පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ නාරා ටී. අරුණ්කාන්ත්ගේ වැඩි දුරටත් මෙසේ පැවසීය.

“පන්ති පාට කුලමල භේදවලින් තොරව පිහිටුවා ගත් ප්‍රථම පක්ෂය ලංකා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයි. අපේ පක්ෂය දුප්පත් සහ මධ්‍යම පාන්ති ජනතාවගේ සුබසේත උදෙසා කටයුතු කිරීමට පමණයි. අපේ පක්ෂය විරැකියාවෙන් පෙළෙන තරුණයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමට පමණයි. අපේ පක්ෂය වතුකරයේ ජනතාවගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් පමණයි.

උතුරු නැඟෙනහිර දේශප්‍රේමි ජනතාවට ඉස්ලාම් අන්තවාදයට සහ දෙමළ බෙදුම්වාදයට එරෙහිව සටන් වැදීමට සහාය ලබා දෙන එකම පක්ෂය ලංකා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයි. එළඹෙන මැතිවරණයේ දී ඔබ අපට ශක්තියක් වුණොත් අපි ඔබේ සියලුම අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටිනවා.

තමිල්නාඩුවේ භාරතීය ජනතා පක්ෂයේ නායකයන් ලංකාවට ගෙන්වා දුප්පත් ජනතාවගේ නිවාස ඔවුන්ට පෙන්වා නවදිල්ලියේ නායකයන් සමග සාකච්ඡා කිරීමට අවස්ථාව නිර්මාණය කළේ අපයි. උතුරු නැඟෙනහිර සහ වතුකරයේ දුප්පත් ජනතාව උදෙසා නිවාස ව්‍යාපෘති සඳහා ඉන්දියානු පාර්ලිමේන්තුව ප්‍රතිපාදන වෙන් කළේ ඊට පසුවයි.

එහෙත් ඇතැම් දෙමළ නායකයන් වතුකරයේ නිවාස ඇමතිලා වගේ මෙම කටයුත්තේ දේශපාලන වාසිය ගත්තා. ඒ නිසා ජනතාව මේ පාර තමන්ට වැඩ කළ හැකි නායකයන්ට ඡන්දය ලබා දීම වැදගත්.

අන්තවාදය සහ බෙදුම්වාදය පරාජය කළ හැකි ශක්තිමත් නායකයෙක් රට පාලනය කිරීම සඳහා තෝරා ගැනීම ඉතාම වැදගත්. අපි ඔබට ඒ සඳහා නායකයා පෙන්වන්නම්. ඔහු රට වෙනුවෙන් සටන් කරනවා ද නැද්ද කියලා ඔබට තීරණය කරන්න පුළුවන්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස