අද සිට විදුලිබල මණ්ඩලේට ඛණිජ තෙල් නෑ! ඕනෑම මොහොතක විදුලි බිඳ වැටීමක්!

July 1, 2019 at 10:03 am | by emanisa.lk

වෘත්තිය ක්‍රියාමාර්ගවල යෙදීම පිණිස පෙර දැනුම් දුන් පරිදි අද (30) මධ්‍යම රාත්‍රියේ සිට විදුලිබල මණ්ඩලයට තෙල් සැපයීම අත්හිටුවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තිය සමිති පවසයි.

කොළඹ වරායේ සිට කොලොන්නාව තෙල් ගබඩාව දක්වා දිවෙන තෙල් ප්‍රවාහන නළ මාර්ගයේ ඉතිරි මීටර් 140 ක ප්‍රමාණය ප්‍රතිසංස්කරණයට ඉඩ නොදීම මෙයට හේතුවය.

කොළඹ වරායේ සිට කොළොන්නාව නිමාවේ තෙල් ගබඩාව දක්වා දිවෙන තෙල් ප්‍රවාහන නල මාර්ගයේ කිලෝමීටර 5 න් ඉතිරි මීටර් 140 ක දුර ප්‍රමාණය ප්‍රතිසංස්කරණය පසුගිය 24 වැනිදා නතරවූයේ තෙල් ප්‍රවාහන නල මාර්ගය මත ජීවත්වන අනවසර පදිංචිකරුවන්ගේ සහ රවී කරුණානායකගේ විරෝධය හේතුවෙනි.

මෙම අනවසර පදිංචිකරුවන්ට නිවාස ලබා දීමට රු. මිලියන 1700ක මුදල් ආණ්ඩුව වෙන් කර තිබුණ ද මුදල් ඇමතිවරයා මෙතෙක් එම මුදල් ලබා දී නොමැත. එම නිවාස 387 සඳහා මුදල් ලබා දී තෙල් නළය එළිය යුතු බව ඇමති රවී කරුණානායක පවසයි. කෙසේ වුවද ආණ්ඩුවේ රවී මංගල පාර්ශව අතර පවතින ගැටුම මෙම අර්බුදය ඔඩු දුවන්නට හේතු වී ඇතැයි පැවසේ.

මේ ආකාරයට ඛණිජ තෙල් සංස්ථාව විදුලිබල මණ්ඩලයට තෙල් සැපයීම අත්හිටුවීම නිසා ඕනෑම මොහොතක විදුලි සැපයුම බිඳ වැටිය හැකි අතර ඒ සඳහා විදුලිබල වෘත්තීය සමිති වගකිව යුතු බව ඇමති රවී පවසන අතර විදුලි සේවක වෘත්තීය සමිති පවසන්නේ මෙම අත්‍යවශ්‍ය සේවා කටයුත්ත සඳහා බාධා කළ ඇමතිි රවී ඊට වගකිව යුතු බවය. ඉතාම අබලන් තත්ත්වයේ පවතින දැනට සක්‍රීය තත්ත්වයේ පවතින එකම නළය පුපුරා ගියහොත් මීතොටමුල්ලට වඩා වැඩි විනාශයක් විය හැකි බවට ඔවුහු චෝදනා කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස