පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තේ ජනපති නොව ආණ්ඩුවයි! එජාප පොලිසිය සහ සහරාන් වැඩ කළේ එකට! තවුහිද් ජමාත් පිටුපස එජාප ඇමති හලීම්ගේ සොහොයුරා! සාලි පාස්කු කමිටුව අමාරුවේ දමයි! කමිටුව සාලිට අවවාද කරයි..(video)

June 12, 2019 at 7:55 am | by emanisa.lk

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සාක්ෂි දීමට 11 වන දින කැඳවා තිබුණේ බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාද් සාලිය.

මෙයට පෙර සාක්ෂි දීමට පැමිණි පිරිස් ජනාධිතිවරයා ඉලක්ක කර ගෙන චෝදනා ගොනු කරන විට ඊට අනුබල දෙන ආකාරයක් දැකගත හැකි වූ කාරක සභා නියෝජිතයන් අසාද් සාලි මෙම ප්‍රහාරයේ වගකීම ආණ්ඩුව භාරගත යුතු යැයි පැවසීමත් සමග මහත් අපහසුතාවට පත් ආකාරයක් ද කිහිප වරක් සාලිට අවවාද කරන ආකාරයක් ද දැකගත හැකි විය.

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ පල්ලි ලියාපදිංචි කිරීමට මුස්ලිම් ආගමික කටයුතු ඇමති හලීම් යටතේ සිදුව ඇති බවත් එම සංවිධානය මේ ආකාරයට ව්‍යාප්ත වීම සහ මෙම සිදුවීම පිටුපස සිටින්නේ හලීම් ඇමතිවරයාගේ සොහොයුරා ෆාහිම් බවත් හලීම් වෙනුවට වෙන අයකු අදාළ ඇමති ධුරයට පත් කරන ලෙස තමා අගමැතියරයාට දැනුම් දුන් බවත් සාලි හෙළි කළේය. මෙහිදී වහා මැදිහත් වූ සරත් ෆොන්සේකා මල්ලිගේ වැඩවලට ඇමති අයියා වගකිව යුතු නැතැයි ප්‍රකාශ කළේය.

2017 වසරේ සහරාන් විසින් කාත්තන්කුඩියේ සාමාන්‍ය මුස්ලිම් ජනතාවගේ නිවාස 120ක් ගිනි තැබූ බවත් ඊට එරෙහිව පොලිසිය කිසිවක් නොකළා පමණක් නොව නීතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ කාත්තන්කුඩි පොලිස් ස්ථානාධිපතිවරයා මාරුකර යැවූ බවත් සාලි ප්‍රකාශ කළේය. එසේම පොලිසිය සහරාන් සමග එකට කටයුතු කළ බවට ද සාලි චෝදනා කළ අතර ඒ සමය වන විට පොලිසිය භාර නීතිය හා සාමය අමාත්‍යංශය පැවතුණේ එජාප පාර්ශවය සතුව නිසා දෝ කාරක සභාව සාලිට නැවත අවවාද කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස