අනුරපුර සිරිමහ බෝධිය අසල දොළොස්මහේ මහ දන්සැල ඇරඹෙයි!

July 2, 2019 at 6:55 am | by emanisa.lk

ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ප්‍රමුඛ අටමස්ථානය වැඳපුදා ගැනීමට පැමිණෙන සැදැහැවතුන්ට දිවා ආහාරය ලබා ගැනීම සඳහා වසරේ දින 365ම ක්‍රියාත්මක වන දන්සලක් අද (01) සිට අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අසළ දී නැනත විවෘත  කෙරිණි.

ශ්‍රී ලංකාවේ සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් වසරේ දින 365 ආවරණය වන පරිදි මෙම දන්සල ක්‍රියාත්මක කරන අතර, වන්දනාවේ පැමිණෙන සියලුම බැතිමතුන්ට සතියේ සෑම දිනකම දිවා ආහාරය ලබා ගැනීමේ පහසුව අද (01) සිට බැතිමතුන්ට හිමි වේ.

අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ඇමති පී. හැරිසන් මහතාගේ උපදෙස් අනුව මෙම දන්සල ක්‍රියාත්මක වේ.

මෙම වැඩසටහනේ අධීක්ෂණ කටයුතු ගොවිජන සංවර්ධන දෙපාර්තුමේන්තුව විසින් සිදුකරයි. පෙර රජ දරුවන් අනුව යමින් මෙම දන්සැල පසුගිය රාජපක්ෂ ආණ්ඩුව නැවත ඇරඹු අතර 2015දී නතර කර දැමිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස