එදා මා එක්ක මිනුවන්ඩගොඩ ආවේ මගේ ආරක්ෂකයෝ නෙමෙයි! මට එක වැඩ මුරයට ඉන්නේ ආරක්ෂකයෝ 6යි! – ඇමති රුවන්

May 20, 2019 at 12:07 pm | by admin

ආරක්‍ෂක නිලධාරීන් පිරිවරාගෙන යන්නේ යැයි බොහෝ දෙනා කීවද තමන්ට ලැබී ඇත්තේ ආරක්‍ෂක නිලධාරීන් 10 දෙනකු සහ පසුගමන් රථ දෙකක් පමණක් යයි ආරක්‍ෂක රාජ්‍ය ඇමති රුවන් විජයවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

“ආරක්‍ෂක රාජ්‍ය ඇමතිවරයා වශයෙන් මට ලැබී ඇත්තේ ආරක්‍ෂක නිලධාරීන් 10 දෙනකු පමණයි. ඔවුන් අතුරින් එක වැඩමුරයකදී සේවය ලබාගත හැක්කේ නිලධාරීන් 6 දෙනකුගෙන් පමණයි. වාහන වශයෙන් ඇත්තේ පසුගමන් රථ දෙකක් පමණයි”

“මා සෑම අවස්ථාවකදීම මගේ පෞද්ගලික වාහන මගේ ගමන් බිමන් සඳහා යොදාගන්නා අතරම කිසිම නිල නිවාසයක්ද මෙතෙක් ලබාගෙන නැත” යයි ද රුවන් විජයවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටී.

පසුගිය 15 වැනිදා මිනුවන්ගොඩ නගරයේ නිරීක්‍ෂණ චාරිකාවක යෙදුණු අවස්ථාවේදී තමන් සමග සිටි ඉහළ පෙළේ ආරක්‍ෂක නිලධාරීන් සහ අනෙකුත් භට පිරිස් කිසිම ආකාරයකින් තමන්ගේ ආරක්‍ෂක පිරිවරට අයත් නොවන බව ආරක්‍ෂක රාජ්‍ය ඇමතිවරයා අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස