ස්විස් එම්බසියේ ගානියා නෑ කිව්වාට වැඩක් නෑ! cctvවල නැතත් පැහැර ගැනීමක් වුණාමයි! – ජවිපෙ

December 22, 2019 at 10:58 pm | by emanisa.lk

තමන්ට ලැබී ඇති තොරතුරු අනුව ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය පැහැර ගෙන ගොස් ඇති බව පැහැදිල වන්නේ යැයි ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

තොරතුරු ලබා ගැනීමේ දී සාක්ෂි ලබා ගැනීමේ දී කවර තත්ත්වයක් ඇති වුවද ඒවා කවර පැත්තට තල්ලු වී ගිය ද පැහැර ගැනීමක් අනිවාර්යෙන් සිදුව ඇති බව හෙතෙම අවධාරණය කළේය.

මේ අතර මුලින් පැහැර ගත් බව කී ස්විස් තානාපති නිලධාරිනි ගානියා බැරිස්ටර් ශ්‍රියාලතා බිඳලිය නොහැකි සාක්ෂි හමුවේ තමා බොරු කී බවත් එවැනි පැහැර ගැනීමක් සිදු නොවූ බවත් පසුව පිළිගත් අතර සිය මිතුරියකගේ නිවසේ දී අදාළ පහර දීම සිදු වූ බවත් පැවසුවාය.

කෙසේ වුවද සිය නිවසේ එවැනි සිද්ධියක් සිදු නොවූ බව අදාළ කාන්තාව පැවසූ අතර අදාළ නිවාස සංකීර්ණයේ මුරකරුගේ සාක්කියෙන් මෙන්ම cctv දර්ශනවලින් ද එය තහවුරු විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස