සජිත් දැම්මොත් අපට දිනන්න පුළුවන්! – හකීම්

September 20, 2019 at 9:35 am | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ හොත් ජය ගත හැකි බව ඇමති රවුෆ් හකීම් පවසයි.

එජාපෙ නියෝජිත හමුවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නියෝජිතයින්ගේ හමුවක් ඊයේ(19) රාත්‍රියේ
අරලිය ගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් දැක්වු අමාත්‍ය රවුෆ් හකීම් පැවසුවේ ලබන අඟහරුවාද වන විට එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ ප්‍රකාශයට පත් කරන බවට අග්‍රාමාත්‍යවරයා පැවසු බවය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව පිළිබඳ සාකච්ජාව කල් දැමූ බවත් එම සාකච්ඡාව කල් දැමුවේ එක්සත් ජාකිත පක්ෂයේ අපේක්ෂයා පිළිබඳ දැනගැනීමට බවත්  අමාත්‍යවරයා සඳහන් කළේය.

එක්සත් ජාතික පෙරමුණේ සිටින සුළු පක්ෂ ලෙස තමන් දැනට එජාපයේ සිටින ජනප්‍රිය අපේක්ෂයා කවුරුන්ද යන්න දැනුම් දී ඇති බව අමාත්‍ය රවුෆ් හකීම් වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස