හකීම්ගේ දේශපාලන හෙංචයියලා 85කට ජල මණ්ඩලෙන් කෝටි 16ක් පඩි ගෙවලා!

August 25, 2019 at 9:38 pm | by emanisa.lk

අමාත්‍ය රවූෆ් හකීම් යටතේ පවතින ජාතික ජල සම්පාදනය මණ්ඩලය මගින් හකීම් ඇමතිවරයාගේ සම්බන්ධීකාරකවරු 85 දෙනෙකුට රු. කෝටි 16ක මුදලක් වැටුප් ලෙස ගෙවා ඇති බව කෝප් කමිටුව හමුවේ පසුගියදා හෙළි විය.

මෙම පිරිසට ජාතික ජල සම්පාදන මණ්ඩලය මගින් වැටුප් ගෙව්ව ද ඔවුන් එහි කිසිදු සේවයක් කර නොමැති අතර ඇමතිවරයාගේ දේශපාලන කටයුතුවල නිරත වන ආධාරකරුවන් බව හෙළි වී තිබේ.

කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළේ මෙහි ශ්‍රීලංකන් ගුවන් සේවයේ පාඩුවට වැඩි හානියක් මෙහි සිදුව ඇති බවය. අදාළ ගෙවීම් සිදුකර ඇත්තේ 2015 වසරේ සිටය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස