හිටපු ඇමති රිෂාඩ් බදියුදීන්ගේ රථ පෙළට ඊයේ (24) පුත්තලම ප්රදේශයේ දී ගල් ප්රහාරයක් එල්ල වී තිබේ.
සමස්ත ලංකා මුස්ලිම් කොංග්රසයේ ඉෆ්ලාල් අමීන්ගේ රථයට ඉන් සුළු හානි සිදුව ඇතැයි වාර්තා වෙයි. සිද්ධියෙන් කිසිවකුටත් තුවාල සිදුවී නැත.
24 වැනිදා සවස 5.45ට පමණ මදුරන්කුලිය – කඩයාමට්ටේ ප්රදේශයේදී මෙම ගල් ප්රහාරය එල්ල වී ඇත.
මෙම ගල් ප්රහාරය කවුරුන් විසින් එල්ල කළාද යන්න මෙතෙක් අනාවරණය වී නැති අතර මුන්දලම පොලිසිය වැඩිදුර විමර්ශන කරයි.
Copyright © 2022 emanisa.lk