රාජ්‍ය නොවන සංවිධාන 1499ක් නැවතත් ආරක්ෂක අමාත්‍යංශය යටතට!

December 17, 2019 at 8:09 am | by emanisa.lk

මෙරට ජාතික ආරක්‍ෂාවට සහ දේශපාලන කටයුතු වලට සෘජුව මැදිහත්වූ රාජ්‍ය නොවන සංවිධාන 1499 ක් වහාම ආරක්‍ෂක අමාත්‍යාංශයේ පාලනයට ගෙන ඇත.

මේ රාජ්‍ය නොවන සංවිධාන වලට පසුගිය කාලයේ විශාල ලෙස අරමුදල් ලැබී ඇතත් එම මුදල් වැය කළේ කුමන ව්‍යාපෘතිවලට දැයි හෙළිකර නැත.

කොළඹ රාජ්‍ය නොවන සංවිධාන හතරකට පසුගිය වසරවල රුපියල් මිලියන 672 ක අතිවිශාල මුදල් සම්භාරයක් ලැබී තිබුණි.

මෙයට පෙර මෙම රාජ්‍ය නොවන සංවිධාන ආරක්‍ෂක අමාත්‍යාංශයේ පාලනය යටතේ තිබූ අතර යහපාලන රජය එය ඉවත් කර ඇත.

යහපාලන රජය යටතේ උතුරු ප‍්‍රදේශයේ රාජ්‍ය නොවන සංවිධාන 15 කට අධික සංඛ්‍යාවක් රජයේ ලියාපදිංචි කිරීමකින් තොරව කි‍්‍රයාත්මක වන බව ද හෙළිවී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස