කතානායකයට NGO පඩි ගන්න ජාත්‍යන්තර උපදේශකයෙක් ඉන්නවා! ඒ විතරක් නෙමේ අපේ පාර්ලිමේන්තුව බටහිර NGO 6ක් සමග වැඩ කරනවා! – සභානායක කිරිඇල්ල

June 22, 2019 at 11:26 am | by emanisa.lk

මේ වන විට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විදෙස් රාජ්‍ය නොවන සංවිධාන 06ක් සමග සහයෝගීතාවෙන් කටයුතු කරන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

2015 පෙර නුවූ විරු අයුරින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ ව්‍යපෘතියක් ආරම්භ කළ බවත් පෙර කිසිදා නොවූ ආකාරයට විදෙස් සංවිධාන රැසක් ඒ සඳහා සහාය ලබා දුන් බවත් හෙතෙම හෙළි කළේය.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩපිළිවෙළ, එක්සත් ජනපද ආධාර ආයතනය, වෙස්ට්මිනිස්ටර් පදනම, ජාත්‍යන්තර ජනරජ ආයතනය, පෙඩ්රික් නිවුහාන් පදනම, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනය එම සංවිධාන වෙයි.

බටහිර රාජ්‍ය නොවන සංවිධානයකින් පඩි ලබන ප්‍රසාද් කාරියවසම් නම් පුද්ගලයකු කතානායකගේ විදෙස් කටයුතු උපදේශක ලෙස පෙනී සිටීම පිළිබඳ (19) පාර්ලිමේන්තුවේ දී මතු කළ කරුණු සම්බන්ධයෙන් මන්ත්‍රීවරු දැනුම්වත් කරමින් සභානායක කිරිඇල්ල මෙම කරුණු අනාවරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස