අපේ හමුදා සෙබළු දෙදෙනෙක් මරාගත්තා! මරණ දඬුවම පනවද්දි අපරාධකරුවන් රකින්න නම් එන්න එපා! – ජනාධිපති මානව හිමිකම් කොමිසමේ සායම යවයි.

February 7, 2019 at 8:10 am | by admin

මාලි රාජ්‍යයේ සාම සාධක හමුදා සේවයෙහි යෙදී සිටියදී ත්‍රස්ත ප්‍රහාරයකින් මියගිය හමුදා සාමාජිකයින් දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් ජනාධිපති සිරිසේන මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට චෝදනා කරයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (‍07) පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් කරමිණි.

ජනාධිපතිවරයා චෝදනා කරන්නේ එම හමුදා සාමාජිකයින් දෙදෙනා ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට නියමිතව තිබුණේ මීට මාස හයකට පමණ පෙර බවත් එහෙත් සාම සාධක සේවයට යවන සෙබළුන්ගේ මානව හිමිකම් පසුබිම සොයා බලමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කරදර කිරීම නිසා ඊළඟ සෙබළ කණ්ඩායම නියමිත කාලයට යැවීමට නොලැබුණු බවත් ය.

එහෙයින් මානව හිමිකම් කොමිසම මේ ආකාරයට කටයුතු නොකළා නම් එම මේජර්වරයා සහ සෙබළා කිසිසේත්ම මරණයට පත් නොවන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මේ අතර ඉදිරි මාස දෙකක කාලය තුළ නියත වශයෙන් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන බවත් එහිදී අපරාධකරුවන් ආරක්ෂා කිරීමට නොපැමිනෙණ ලෙසත් මානව හිමිකම් සංවිධාන වෙත දන්වන බවද ජනාධිපති සිරිසේන පවසයි. මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ මූලස්ථානය වැලිකඩ බන්ධනාගාරය බවත් කුමන බාධක පැමිණියත් ජාවාරම්කාරයන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කරන බවත් හෙතෙම අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස