ජනතාව මං පත් කළේ NGOකාරයන්ට ඕන විදිහට රට කරවන්න නෙමෙයි! ජනතාව භාරදුන් වැඩේ මම කරනවා! – ජනපති

November 25, 2019 at 8:54 am | by emanisa.lk

ජනතාව තමන්ට බලය ලබා දුන්නේ රාජ්‍ය නොව සංවිධානවලට අනුව මේ රට පාලනය කිරීමට නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

පොලිස් කොමිසම අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට ස්ථාන මාරුවක් දීම ප්‍රශ්න කරන රාජ්‍ය නොවන සංවිධාන ඔහු විසින් නීතිය හෑල්ලුවට ලක්කරමින් ඉතාම පක්ෂග්‍රාහී ලෙස පසුගිය සමයේ නාවික හමුදාපතිවරයා ඇතුළු නිලධාරීන් ද බුද්ධි අංශ නිලධාරීන්ද සිරගත කිරීමට සහ තමාගේ නම පවසන ලෙස අත්අඩංගුවට ගත් නිලධාරීන්ට බලකළ ආකාරය පිළිබඳ ප්‍රශ්න නොකළ බවත් සිහිපත් කළේය.

සාධාරණත්වය සහ නීතියේ ආධිපත්‍ය යනු එය නොවන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජනතාව තමාට ඡන්දය දුන්නේ මේ සියල්ල දෙස බලා සිට බවත් ඒ සියල්ල ඒ ආකාරයෙන් කළ යුතු නම් ජනතාව තමන්ට නොව වෙනත් අපේක්ෂකයකුට ඡන්දය දෙනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

දෙපාර්ශවයම ප්‍රකාශ කළ දෑ ජනතාව අසා සිය ප්‍රතිපත්තිය ජනතාව අනුමත කර ඇති බවත් ඒ ජනමතය අනුව කටයුතු කිරීමට තමා නොපැකිළෙන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ඊයේ (23) බෙල්ලන්විල රජමහා විහාරයට පැමිණ විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමි සමග කෙටි පිළිසඳරක යෙදෙමින් මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස