බ්‍රිගේඩියර් ප්‍රියංක බ්‍රිතාන්‍යයට ඉදිරිපත් කරන්නේ නෑ – හමුදා මාධ්‍ය ප්‍රකාශක

January 22, 2019 at 4:39 am | by admin

පසුගිය වසරේ නිදහස් දිනය දා ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී කොටි හිතවාදීන්ට තර්ජනාත්මක සඥාවක් කළ බවට බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු එක්සත් රාජධානීයේ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය මගින් වරදකරු කර ඇති බව වාර්තා විය.

මේ පුවත ටැමිල් ගාර්ඩියන් ඇතුළු දෙමළ වෙඩ් අඩවි මෙන්ම කොටි හිතවාදීන් වෙනුවෙන් මෙම නඩුව ගොනු කළ පබ්ලික් ඉන්ට්‍රස්ට් ලෝ සෙන්ටර් නැමැති රාජ්‍ය නොවන සංවිධානය ද ප්‍රකාශ කළේය.

ඒ සඳහා බ්‍රිගේඩියර් ප්‍රනාන්දුට විදේශ අමාත්‍යංශය ඔස්සේ සිතාසි යැවූ බව සඳහන් කළ ද මෙතෙක් එවැන්නක් නොලැබුණු බවත් රාජකාරීයේ නිරත වූ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු බ්‍රිතාන්‍යයට ඉදිරිපත් කිරීමට සූදානම් නැති බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස