මංගල ඇමතිතුමාගේ කොන්ද පණ නෑ කිව්වේ උඹ නේදැයි අසමින් ආබාධිත රණවිරුවෙකුට මැරයෝ පහර දෙති! කොල්ලුපිටියේ පොලිසිය රණවිරුවාගේ පැමිණිල්ලත් භාරනොගනී! රණවිරු දෙපා මුලට සජිත් තවම ආවේ නෑ! (video)

October 12, 2019 at 10:06 am | by emanisa.lk

පසුගිය මානුෂීය මෙහෙයුම් සමයේ ශ්‍රී ලංකා යුද හමුදා කමාන්ඩෝ බලකායේ සේවය කළ ආබාධිත රණවරුවෙකුට කොල්ලුපිටිය ප්‍රදේශයේ දී මැර කල්ලියක් යකඩ පොලුවලින් පහර දී තිබේ.

විශ්‍රාම වැටුප් ප්‍රශ්නයක් මුල් කරගෙන පසුගියදා කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවති විරෝධතාවට සහභාගී වූ මෙම රණවිරුවා ඇමති මංගල සමරවීරගේ කොන්ද පණ නැතැයි කියූ බවට චෝදනා කරමින් මෙම පහර දීම සිදු කර තිබේ.

මේ පිළිබඳ කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කළ ද එහි ස්ථානාධිපතිවරයා පැමිණිල්ල භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති අතර නහයෙන් කටින් ලේ ගලමින් සිටි ආබාධිත රණවිරුවා රෝහල්ගත කිරීමට පවා මෙම පොලිස් නිලධාරීන් කටයුතු කර නොමැත.

අනතුරුව රෝහල්ගත වී මේ පිළිබඳ සිය ෆේස්බුක් ගිණුම මගින් ප්‍රකාශයක් නිකුත් කිරීම සමග කලබල වී ඇති කොල්ලුපිටිය පොලිසිය වහාම රෝහලට පැමිණ ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගෙන තිබේ.

මේ අතර ආබාධිත රණවිරුවාට පහර දුන් බවට සැක කරන තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ක්ෂණිකව ඔවුන්ට ඇප ලබා දීමට පොලිසිය කටයුතු කර ඇති අතර ප්‍රහාරයෙන් තුවාල ලැබූ රණවිරුවා තවමත් රෝහලේ ප්‍රතිකාර ලබයි.

ඇමති සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා බවට පත්කරන සටනේ ප්‍රබල නායකයකු වන ඇමති මංගල සමරවීරගේ මැරයන් පහර දුන් රණවිරුවාගේ දෙපා මුලට තවම සජිත් ප්‍රේමදාස පැමිණියේ නැතැයි සමාජජාලාවල සඳහන් වෙයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස