මම බලයට ඇවිත් දින කිහිපයක් ඇතුළත ආබාධිත රණවිරු වැටුප් ගැටලුව විසඳනවා! – ගෝඨාගේ පණිඩිඩය රැගෙන සෙන්පති කමල් රණවිරු පාමුලට පැමිණෙයි….

September 15, 2019 at 4:35 pm | by emanisa.lk

එළඹෙන ජනාධිපතිවරණයෙන් බලයට පත්වී දින කිහිපයක් ඇතුළත ආබාධිත රණවිරු වැටුප් ගැටලුවට විසඳුම් ලබා දීමට තමා සූදානම් බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ජීවිතාන්තය දක්වා වැටුප් ලබා දෙන ලෙස ඉල්ලා ආබාධිත රණවිරුවන් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ආරම්භ කර ඇති විරෝධතාව අසලට පැමිණි විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න එම පණිවුඩය විරෝධතාකරුවන්ට වෙත ලබා දුන් අතර විරෝධතාව නතර කර නිවෙස් බලා යන ලෙස ද ඉල්ලා සිටියේය.

රට වෙනුවෙන් අනාගත පරපුර වෙනුවෙන් සටන් කර අත් පා අහිමි පූජා කළ රණ විරුවන් ඉටි කොලයක් එළාගෙන හිසට සෙවනක් නැතිව මහ පාරේ සිටිනු දැකීම හදවත කම්පා කරන සිද්ධියක් බවත් ඔවුන් යුද බිමේ මෙහෙය වූයේ තමන් නිසා සිතට විශාල වේදනාවක් දැනෙන බවත් සඳහන් කළේය.

මෙවැනි ආබාධිත රණවිරුවන් විශාල ප්‍රමාණයක් නොමැති බවත් ඔවුන්ගේ මාසික බෙහෙත් ටික ලබා ගැනීමට පවා අදාළ විශ්‍රාම වැටුප ප්‍රමාණවත් නොවන බවත් මේජර් ජනරාල්වරයා ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ප්‍රචාරණ කටයුතු සඳහා ඊට වඩා විශාල ධනස්කන්ධයක් වියදම් කරන බව ද පෙන්වා දුන්නේය.

මේවා මාධ්‍ය සංදර්ශන යැයි කෙනෙකුට චෝදනා කළ හැකි වුවත් රණවිරුවන්ගේ මෙම ගැටලුව රජයට සහ ජනතාවට අවබෝධ විය යුතු යැයි සඳහන් කළේය.

ජනාධිපතිවරයා ඝාතනය කිරීමට පැමිණි කොටියාට වන්දියක් සමග නිදහස ලබා දුන් පාලකයන්ට රණවිරුවන් පිළිබඳව ද සොයා බැලීමට හැකි විය යුතු නොවේ දැයි එහි විරෝධතාකාරියක ජෙනරාල්වරායගෙන් විමසූ විට ඔහු නිරුත්තර විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *