රණවිරු විශ්‍රාම වැටුප් කැබිනට් පත්‍රිකාව මංගල විකෘති කරලා! රණවිරුවන් දෙදෙනෙක් මාරාන්ති උපවාසයක!

September 25, 2019 at 8:04 am | by emanisa.lk

යුද තත්ත්වය හේතුවෙන් ආබාධිත වූ රණවිරුවන්ට දිවි ඇති තෙක් වැටුප් ගෙවීමට ආරක්ෂක ඇමති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.

කෙසේ වුවද ආබාධිත රණවිරුවා මියගිය පසු ඔහුගේ බිරිඳට හෝ වයස අවුරුදු 26ට අඩු දරුවන් සිටී නම් එම දරුවන්ට අදාළ වැටුප හිමිවිය යුතු බවට ජනාධිපතිවරයා එහි ඇතුළත් කර තිබූ යෝජනාව මුදල් ඇමතිවරයා විසින් ඉවත් කර ඇති අතර අනුමැතිය ලැබී ඇත්තේ එම සංශෝධිත කැබිනට් පත්‍රිකාවටය.

මුදල් ඇමති මංගල සමරවීරගේ මෙම අත්තනෝමතික ක්‍රියාවට එරෙහිව ඊයේ (24) සිටම ආබාධිත රණවිරුවන් දෙදෙනෙකු මරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස