ජනාධිපති යෝජනා කළාට සල්ලි දෙන්නේ අපි! රණවිරු පවුල්වලට වැටුප් ගෙවන්න බෑ! – මංගල

September 25, 2019 at 8:43 pm | by emanisa.lk

ආබාධිත රණවිරුවන්ට ලැබෙන විශ්‍රාම වැටුප ඔවුන් මිය ගිය පසු යැපෙන්නන්ට ලබා දීමට හැකියාවක් නොමැති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි. කෙසේ වුවද රු. 70 792.30ක් වන වැටුප රණවිරුවා මිය යන තුරු ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි හෙතෙම පවසයි.

අද (25) පැවති මාධ්‍ය හමුවකදී මේ බව කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

රණවිරුවා මිය ගිය පසු එම වැටුප ඔහුගේ බිරිඳට හෝ අවුරුදු 26ට අඩු දරුවන් සිටිී නම් ඔවුන්ට ද ලබා දිය යුතු බවට ජනාධිපතිවරයා යෝජනා කළත් එය ලබා දිය නොහැකි බව ඇමතිවරයා පැවසීය.

කෙසේ වුවද අතුරුදන් වූවන්ගේ පවුල්ව සාමාජිකයන්ට රු. 6000 බැගින් ගෙවීම සඳහා මුදල් ඇමතිවරයා මෙයට පෙර කැබිනට් අනුමැතිය ලබා ගත්තේය. අතුරුදන් වූවන්ගේ කාර්යාල ලේඛනයේ නම සඳහන් අයට මෙම දීමනාව ලැබෙයි.

මෙය ජිනීවාහි සම්මත කරගත් යෝජනාවක් අනුව කොටි සංවිධානයේ මිය ගිය කාඩරයන්ගේ පවුල්වලට වන්දි ගෙවීමට යොදා ගන්නා බවට චෝදනා තිබේ. එසේම අතුරුදන් වූවන්ගේ කාර්යාල පනත යටතේ වන්දි ලබා ගැනීම සඳහා උතුරු නැඟෙනහිර හැර අනෙක් ප්‍රදේශවල ජනතාවට අවස්ථාව ලබා දී නැති බව ද කියති.

මේ අතර ඇමති සජිත් ප්‍රේමදාස අද මතුගම දී සඳහන් කළේ තම පාලනයක් තුළ රණ විරුවන්ට චක්‍රලේඛවලට සීමා නොවී වාරණ සීමා මායිම් නැතිව සියලු පහසුකම් අඩු නැතිව ලබා දෙන බවය. සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කළහොත් එම ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා මෙන්ම ඇතැම් විට අගමැතිවරයා ද මංගල සමරවීර විය හැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස