රණවිරුවන්ට සහ යැපෙන්නන්ට දිවි ඇති තෙක් වැටුප්!

January 26, 2019 at 5:37 pm | by admin

මෙහෙයුම් රාජකාරී කටයුතුවල දී හෝ ත‍්‍රස්තවාදී ක්‍රියා හේතු කොටගෙන හෝ වෙනත් නීතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතු නිසා හෝ ආබාධිත ත්‍රිවිධ හමුදා රණවිරුවන්ට සහ මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන් / යැපෙන්නන් වෙත වයස අවුරුදු 55 දක්වා ගෙවන ලද වැටුප් සහ දීමනා ජීවිතාන්තය දක්වා ගෙවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි පියවර ගැනේ.

ඒ අනුව ඉදිරි මාස දෙකක් තුළ ඒ ස`දහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට නියමිතය. ආබාධිත රණවිරුවන්ගේ දීර්ඝකාලීන ඉල්ලීමක් වූ මෙම ගැටලුව විසඳීම සඳීහා ජනාධිපතිගේ මැදිහත්වීම මත ආරක්ෂක අමාත්‍යාංශය ගෙන ඇති පියවර පිළිබඳ දැනුවත් කිරීමට ඊයේ (25දා) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවක දී මේ බව සඳහන් කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස