මාරාන්තික උපවාසයේ නිරත රණවිරුවෙක් රෝහල්ගත කරයි! ඔහු වෙනුවට තවත් රණවිරුවෙක් මාරාන්තික උපවාසයට එක්වෙයි!

September 27, 2019 at 8:59 am | by emanisa.lk

කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ඕල්කට් පිළිරුව අසල මාරාන්තික උපවාසයේ නිරතව සිටි ආබාධිත රණවිරුවකුගේ තත්ත්වය අසාධ්‍ය වීම හේතුවෙන් ඊයේ (26) පස්වරුවේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබීය.

ගිලන් රථයක් ගෙන්වා මෙලෙස රෝහල්ගත කරනු ලැබුවේ දිනේෂ් දයාරත්න නමැති ආබාධිත රණවිරුවෙකි.

රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය ආරම්භ කළ උපවාසයට අමතරව ආබාධිත රණවිරුවන් 5 දෙනකු මාරාන්තික උපවාසයක් ආරම්භ කරනු ලැබුවේ පසුගිය 24 වැනිදා රාත්‍රී 8.00ට ය.

මෙහිදී ආබාධිත රණවිරුවන් වන ඩී. ඩී. තුෂාර, එම්. ඩී. ජී. එස්. කරුණාරත්න, ආර්. එම්. එස්. එන්. රාජගුරු, පී. ආර්. එස්. පී. රුවින්ද සිල්වා සහ රෝහල්ගත කළ දිනේෂ් දයානන්ද යන රණවිරුවෝ මාරාන්තික උපවාසය ආරම්භ කළහ.

රෝහල්ගත කළ ආබාධිත රණවිරුවා වෙනුවට ඊයේ පස්වරු 2.00 සිට සී. පී. පී. පුංචිහේවා ආබාධිත රණවිරුවා මාරාන්තික උපවාසයට එක්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස