ජිනීවා අලුත් යුද අපරාධ යෝජනාවටත් ලංකාවේ සම අනුග්‍රහය!

March 5, 2019 at 6:57 am | by admin

ශ‍්‍රී ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා එල්ලවන අලුත්ම ජිනීවා යෝජනාවට සම අනුග‍්‍රහය ලබාදීමට ශ‍්‍රී ලංකාව තීරණය කර ඇත.

මේ යෝජනාවට අදාළ සාකච්ඡුාවක් අද (05 දා) මානව හිමිකම් කවුන්සිලයේදී සාකච්ඡා වේ. බ්‍රිතාන්‍යය ප‍්‍රමුඛ රටවල් පහක් විසින් ගෙන එන මෙම යෝජනාව මාර්තු 07 දා ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කෙරේ.

වගවීමේ ක්‍රියාවලිය සහ සංහිඳියාව නමින් නම්කර ඇති මෙම යෝජනාව ඉදිරිපත් කරන රටවල් අතර කැනඩාව, ජර්මනිය, මොන්ටිනියුරෝව සහ මැසිඩෝනියාවද සිටී.

මෙම සියලුම රටවල් යුද අපරාධ කර ඇති බවට චෝදනා එල්ල වී ඇත. ජිනීවා යෝජනාවට සම අනුග‍්‍රහය ලබාදීමෙන් වළකින ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විදේශ කටයුතු බලධාරීන්ගෙන් ඉල්ලා තිබිණි. එහෙත් එම ඉල්ලීම ඉටුවී නැත.

ශ‍්‍රී ලංකාව අලුත් ජිනීවා යෝජනාවට මෙවර ද සම අනුග‍්‍රහය ලබාදෙන බව බ්‍රිතාන්‍ය රජය මුලින්ම අනාවරණය කර තිබිණි.

ජිනීවා යෝජනාවට මුලින්ම ශ්‍රී ලංකා සම අනුග්‍රහය ලබා දුන්නේ 2015 විදේශ කටයුතු ඇමති මංගල සමරවීරය. ඔහුගේ පාර්ලිමේන්තු දේශපාලන ජීවිතයට 30 වසරක් පිරීම නිමිත්තෙන් පැවති උත්සවයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ මංගල සමරවීර 2015 විදේශ කටයුතු ඇමති ලෙස රටේ ස්වෛරීභාවය රැකගැනීමට කටයුතු කළ බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස